මේ වසරේ පැවැත්වීමට සූදානම් වූ ආසියානු කුසලානය සඳහා කාලසටහනද නිකුත් විමට පෙර සිටම ඒ පිළිබඳව වැඩි වශයෙන් කතාබහට පත්වෙමින් උණුසුම් පුවත් පැතිර ගියා. එයට මූලිකම හේතුවක් වූයේ මින් පෙර මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාවේ වුවද , පසුව අසියානු ක්‍රිකට් කවුන්සිලයට එම තීරණය වෙනස් කිරීමට සිදුවීමයි. ඉන්දියාව හා පාකිස්ථානය අතර පැවති දේශපාලන ගැටුම් එයට බලපා තිබුණි. කෙසේ හෝ අවසානයේදී එය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට සියල්ලන්ම එකඟතාවකට පැමිණ ඇත.
මේ වනවිට එහි තරඟාවලියේ කාලසටහනද නිකුත් කර ඇත ඒත් සමඟම තරඟාවලියේ ප්‍රථම තරඟයටම ශ්‍රී ලංකාව හා බංගලියන් තේරී සිටීම නිසාම අපේ රටේ ක්‍රීඩා ලෝලීන් බොහෝදෙනෙකුගේ අවදානය වැඩි වශයෙන් මෙම තරාගාවලිය කෙරෙහි යොමුවී ඇති බවද වාර්තා වේ.
මෙවර පැවැත්වෙනුයේ 14 වැනි ආසියානු ක්‍රිකට් කුසලාන තරඟාවලියයි. එය එක්සත් අරාබි එමීර් රාජ්යෙයේදී 1984 හා 1995න් පසු මෙවර පැවැත්වෙනුයේ තෙවන වරටයි. තවද අවසන් වරට ආසියානු කුසලානයේ හිමිකරුවන් වීමේ භාග්‍යය හිමිව ඇත්තේ ඉන්දියාවටයි. මෙවර තරඟාවලියේදී A සහ B කාණ්ඩ යටතේ ඩුබායි හා අබුඩාබිහිදී මුළු තරඟ 13ක් පැවැත්වීමට සූදානම් කර ඇති අතරම එහිදී ශ්‍රී ලංකාව B කාණ්ඩය යටතේ තරඟ වදින්නේ බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය සමඟිනි. A කාණ්ඩය යටතේ ඉන්දියාව හා පාකිස්ථානය තරඟ වැදීමට නියමිත අතර අනෙක් කණ්ඩායම තිරණය වන්නේ සුදුසුකම් ලැබිමට සිංගප්පූරුව , එක්සත් එමීර් රාජ්‍යය, ඕමානය, නේපාලය ,මලයාසියාව හා හොංකොං අතර පැවැත්වෙන තරඟ අතුරිනි. මී ළඟ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශක්තිය ධෛර්‍යය හා වාසනාව ලැබේවායි! අප සැවොම ප්‍රාර්ථනා කරමු.
පසුගිය අගෝස්තු 07 වැනි දින සිට ගණන් බලා ඇති ඕස්ට්‍රේලියාවේ ජනගහණයේ නිල ඇස්තමේන්තුව අනුව එරට ජනගණය මිලියන 25 දක්වා වැඩි වී තිබුණි. සැබවින්ම එයට බලපෑ ප්‍රධානතම හේතුවක්වී ඇත්තේ රට ප්‍රධාන නගර ආශ්‍රිතව සංක්‍රමණිකයින් පදිංචි වීමේ ප්‍රවණතාවයන් ඉහළ යාමයි. මේ පිළිබඳව මේ වසරේ මුල් කාර්තුව තුළදීද එරට රජය විසින් යම් ඉඟි පළ කර තිබූ අතරම එරටට ඇදි එන විදේශ සංක්‍රමණිකයින්ද සීමා කිරීමට ඔවුන් නීති රීති දැඩි කිරිමක්ද සිදු කර ඇත. එනිසාම එරටින් වීසා ලබාගැනීමේ ක්‍රමවේදයද දැන් කලින් මෙන් පහසු නොවෙන බව සත්‍යයකි.
කෙසේ හෝ මෙලෙසින් ජනගහණය ශීඝ්‍රයෙන් වැඩිවිමත් සංක්‍රමණිකයින් නිසාම මෙල්බන් හා සිඩ්නි වැනි ප්‍රධාන නගරවල තදබදය වැඩිවීමක්ද පැහැදිලිව පෙනෙන්නට ඇති බවද වාර්තා වේ. ඒත් සමඟින්ම එම නගර කේන්ද්‍ර කරගෙන විමසා බැලිමේදී වැඩිම ආර්ථික වර්ධන වේගයක්ද පෙන්නුම් කර තිබුණි. මේ කරුණු හා පැතිකඩවල් සියල්ල දැන් එරට මෙන්ම ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින්ගේද අවධානයට ලක්වී ඇති අතරම ඒ සම්බන්ධයෙන් බොහෝ සංවාද හා කතිකාවත්ද මේ වනවිට බිහි වෙමින් ඇත. මින් පෙර 2011දී කළ සංගණනයේදී ලංකාවේ උපත ලද පුද්ගලයින් 86,413 ක් වාර්තා වී තිබුණි. මින් පෙර 2001 දී ඕස්ට්‍රලියාවේ සංක්‍රමණිකයින්ගෙන් 50%ක්ම යුරෝපීයන් වුවද 2016 සිට එම තත්වය වෙනස් වෙමින් අද දක්වාම එරටට පැමිණි වැඩිම සංක්‍රමණිකයින් ප්‍රතිශතය ආසියානුවන් බවට පත්ව ඇත.
2017 වසරේදී ඕස්ට්‍රේලියාවේ ජනගහණය 3,88000කින් පමණ වැඩි වී තිබේ. එය 1.6% ක පමන වර්ධන වේගයකි. ඒ අතරිනුත් 62%ක්ම සංක්‍රමණිකයින් වීම තවත් විශේෂත්වයකි. මෙවැනි ගැටලු නිසාම එරට හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබොට් පවසා සිටියේද වසරකට ඕස්ට්‍රේලියාව ලබාදෙන සංක්‍රමණික වීසා 80,000කින් පමණ කප්පාදුවක් සිදුකළ යුතු බවයි. මේ ගැනද දැන් සංවාදයට බඳුන්ව තිබෙන්නේ ඉන් ආර්ථික වර්ධනය ද සීමාවීමක් සිදුවීමට ඉඩක් ඇති හෙයිනි. මීට අමතරව ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයන් ලබාගැනීමේ ක්‍රමවේදයන්ද මේ වනවිට මන්දගාමීව ඇත්තේ බෝට්ටු මගින් පැමිණි පිරිස තවමත් වැඩිවී තිබීම බවද එරට රජය වාර්තා කර තිබුණි.
මූලාශ්‍රය : BBC
"ප්‍රතිචක්‍රීකරණය" යන මාතෘකාව ගැන දැන් අපට අන් කවරදාකටත් වඩා නිරන්තරයෙන් අසන්නට ලැබේනවා. ඒ පසුගිය අවුරුදු කීපය තුළදී අපේ රටේ කුණු කසළ ප්‍රශ්නය දැවැන්ත "ජාතික ගැටලුවක්" බවට පත්වීමත් සමඟයි.
සැබවින්ම ප්‍රතිචක්‍රීකරණය යනු සම්පත් සංරක්ෂණය කිරීම, බලශක්තින් පිරිමැසීම, අපද්‍රව්‍ය එක්රැස් වීම අවම් කිරීම, පරිසරය සුරැකීම, සහ ඉවත ලන දෑ නැවත ප්‍රයෝජනයට ගැනීම යන මේ සියල්ලයි.
මේ ගැන අපට අපූරු විෂ්ලේෂණාත්මක අදහසක් ඉතාමත් ආකර්ශනීයව හා නිර්මාණශීලීව විදහා දැක්වූ අවස්ථාවක් තමයි, 2018 සම්පත් බැංකුවෙහි දින දර්ශනය. සරලව කිවහොත් ප්‍රතිචක්‍රීකරණය තුළින් කරන අරපිරිමැස්ම ගැන ඔවුන් මේ අවුරුද්දේ දින දර්ශනයෙන් ගෙන හැර දක්වා තිබුණේ හරිම අපූරු විශේෂ ආකාරයකිනි.. 2018 දින දර්ශනයෙහි ඔවුන්ගේ තේමාව බවට පත්ව තිබුණේ "මේ වසරේ ඉවතලන දෑ නැවත ප්‍රයෝජනයට ගනිමු" යන්නයි. ඒ ගැන බොහෝ දෙනා මේ අවුරුද්ද තුළදී කතාබහට ලක්කර තිබුණ නිසා අද අප ඔබට ඒ සුපිරි නිර්මාණය ගැන පුංචි සටහනක් තැබීමට සිතුවා.
මෙවර 2018 සම්පත් බැංකු දින දර්ශනය ඉතාම හුරුබුහුටි ප්‍රමාණයෙන් ද ඉතා කුඩා එකක් වුණා. ඔවුන් මෙවර අරපිරිමැස්ම අර්ථවත් කරන ලෙසින් ප්‍රතිශක්තීකරණය ගැන වටිනා අදහසක් එයින් ගෙනහැර තිබුණේ මේ ආකාරයට නිර්මාණශීලිත්වයක්ද එක්කරමිනි.
ඡායාරූප උපුටා ගැනීම : සම්පත් බැංකුවේ 2018 දින දර්ශනය ඇසුරිණි.