මේ වසරේ පැවැත්වීමට සූදානම් වූ ආසියානු කුසලානය සඳහා කාලසටහනද නිකුත් විමට පෙර සිටම ඒ පිළිබඳව වැඩි වශයෙන් කතාබහට පත්වෙමින් උණුසුම් පුවත් පැතිර ගියා. එයට මූලිකම හේතුවක් වූයේ මින් පෙර මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාවේ වුවද , පසුව අසියානු ක්‍රිකට් කවුන්සිලයට එම තීරණය වෙනස් කිරීමට සිදුවීමයි. ඉන්දියාව හා පාකිස්ථානය අතර පැවති දේශපාලන ගැටුම් එයට බලපා තිබුණි. කෙසේ හෝ අවසානයේදී එය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට සියල්ලන්ම එකඟතාවකට පැමිණ ඇත.
මේ වනවිට එහි තරඟාවලියේ කාලසටහනද නිකුත් කර ඇත ඒත් සමඟම තරඟාවලියේ ප්‍රථම තරඟයටම ශ්‍රී ලංකාව හා බංගලියන් තේරී සිටීම නිසාම අපේ රටේ ක්‍රීඩා ලෝලීන් බොහෝදෙනෙකුගේ අවදානය වැඩි වශයෙන් මෙම තරාගාවලිය කෙරෙහි යොමුවී ඇති බවද වාර්තා වේ.
මෙවර පැවැත්වෙනුයේ 14 වැනි ආසියානු ක්‍රිකට් කුසලාන තරඟාවලියයි. එය එක්සත් අරාබි එමීර් රාජ්යෙයේදී 1984 හා 1995න් පසු මෙවර පැවැත්වෙනුයේ තෙවන වරටයි. තවද අවසන් වරට ආසියානු කුසලානයේ හිමිකරුවන් වීමේ භාග්‍යය හිමිව ඇත්තේ ඉන්දියාවටයි. මෙවර තරඟාවලියේදී A සහ B කාණ්ඩ යටතේ ඩුබායි හා අබුඩාබිහිදී මුළු තරඟ 13ක් පැවැත්වීමට සූදානම් කර ඇති අතරම එහිදී ශ්‍රී ලංකාව B කාණ්ඩය යටතේ තරඟ වදින්නේ බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය සමඟිනි. A කාණ්ඩය යටතේ ඉන්දියාව හා පාකිස්ථානය තරඟ වැදීමට නියමිත අතර අනෙක් කණ්ඩායම තිරණය වන්නේ සුදුසුකම් ලැබිමට සිංගප්පූරුව , එක්සත් එමීර් රාජ්‍යය, ඕමානය, නේපාලය ,මලයාසියාව හා හොංකොං අතර පැවැත්වෙන තරඟ අතුරිනි. මී ළඟ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශක්තිය ධෛර්‍යය හා වාසනාව ලැබේවායි! අප සැවොම ප්‍රාර්ථනා කරමු.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.