සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නම් ජනාධිපති හෝ ඡන්ද අපේක්ෂකයින් දිනදර්ශන බෙදාහරින්නේ මැතිවරණ ව්‍යාපාර සඳහ පමණයි. එයත් නොමිලයේයි. නමුත් 2019 එළැඹීමටත් කලින්ම රුසියාවෙ ජනපති වැලැඩිමිර් පුටින් මහත්තයාගේ වාර්ෂිකව නිකුත් කරන VVP කැලැන්ඩරේ හරිම ඉක්මණින් මේ වනවිටත් ජනප්‍රිය වෙලාලු. මෙහි ඇති විශේෂත්වය නම් එම දිනදර්ශනයේ මිල රුසියානු රුබල් 50ක් , ලංකාවෙ මුදලින් නම් රුපියල් 127 ක පමණ මුදලක් වීමයි. හැබැයි තමන්ගේ රටේ 'ජනාධිපති තාත්තා' ගැන හරිම ආඩම්බරයෙන් කතා කරන රුසියානු වැසියන් නම් සල්ලි දීලා වුණත් මේ ආදරණීය අභීත නායකයාගේ කැලැන්ඩරය මිලට ගැනීමට මැළි නොවන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.
සැබවින්ම මේ දිනවල අන්තර්ජාලය පුරාවටම, කලින්ම ජනප්‍රිය වුණු රුසියානු ජනපතිවරයාගේ 'VVP 2019' දින දර්ශනය ගැන පුවත් වැඩි වශයෙන් ජනප්‍රිය වී තිබෙනවා දැනටමත් ඔබ දැක ඇති.
නව වසර එළැබීමට කලින්ම ඕපාදූප මැවූ VVP 2019 දින දර්ශනයෙන් ජනපති පුටීන්ගේ විවිධ පෞරුෂයන් හා චරිත අංගයන් පිලිඹිබු කරනා බවක් පැවසේ.
මෙම ඔක්තෝබර් 7 වැනි දින සිය 66 වැනි උපන්දිනය සැමරුවත් ඔහු තවමත් තරුණයකුගේ මෙන් ශක්තිමත් පෞරුෂයක් ඇති බව, ඔහුගේ උඩුකය නිරුවත්ව සිටිනා ඡයාරූප කීපයකින්ම දිස්වන බව කියැවේ.
2019 දින දර්ශනයෙහි ජනවාරි මස ඡායාරූපයෙහි, ඒ වනවිට 65 වන වියේ සිටි ඔහු අයිස් දියේ අඩක් ගිලි සිටින මෙම දර්ශනයෙන් සිය සාධාර්මික බව පෙන්නුම් කරයි.
එසේම ඔහුගේ ශූරත්වය හා ස්වභාව ධර්මය සමඟින් ඔහු සිටිනා බව කියාපාන තවත් ඡායාරූපයකි; ඔහු සැබෑ ලෙසටම මාළුවකු බාගත් අවස්ථාවක් පෙන්නුම් කරනා දර්ශනය.
තවත් ඡායාරුවක ඔහු තුවක්කුවක්ද සමඟින් සිටියි. එය ඔහුගේ රණශූරත්වය හා එඩිතරකම නිරූපණය කරන්නකි. සමහරෙකු පැවසූයේ, එහි ඇතැම් දර්ශනවල ඔහු ජේම්ස් බොන්ඩ් ලෙසටම ඇඳ පැළඳ සිටිනා බවකි.
ඇතැම් ධනවාදි රටවල් පුටීන් හඳුන්වන්නේ දරුණු සිතක් ඇති පාලකයකු ලෙසටයි. නමුත් එම මතය නිවැරදි නොවන බව කියාපාමින් ඔහුගේ සංවේදී බව පෙන්නුම් කරන ඡායාරූයක් ද බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. එම දර්ශනය ඔහු බලු පැටවකු සුරතල් කරන මෙම ඡායාරූපයයි.
පසුගිය දිනවල CNN පුවත් සේවය මඟින් සිදුකල සංවාදයකදීත් රුසියානු වැසියකු සඳහන් කර ඇත්තේ ලොව බොහෝ රටවල ජනතාව තමන්ගේ රටේ ජනපතිවරයා වැලැඩිමීර් පුටින් වැනි පරගැතියන්ට යටත් නොවන, ණය නැති, රටට ජනතාවට ආදරය කරනා ශක්තිමත් නායකයකු වනවානම් කැමති බවයි. ඒ ගැන රටවැසියන් බොහෝ දෙනා ආඩම්බර වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. එම කතාව අවිවාදයෙන්ම අපටද බොහෝ දුරට පිළිගත හැකි ප්‍රකාශයකි. සත්තකින්ම ආර්ථික අගාදයකට ළංවෙමින් සිටිනා ශ්‍රී ලංකාවටද ඉදිරියේදී අවශ්‍ය වන්නේ රටට සැබවින්ම ආදරය කරනා දූෂණයට ඉඩක් නොදෙන, ණය නැති, භය නැති දේශීයත්වය අගයනා සාධාරණ හා අභීත පෞරුෂයැති එවන් නායකත්වයකුයි.
රුසියාවේ බහුතරයක් ජනතාව තම ජනපතිවරයාගේ මෙම කැලැන්ඩරය ගැන ආඩම්බර වුවත් එරටේද සුලු පිරිසක් පවසන්නේ, වාර්ෂිකව නිකුත් කරනා මෙම දින දර්ශනය විකිණීම දැන් නම් ඔවුන් හට එපා වී ඇති බවක් හා එය අනවශ්‍ය දෙයක් වන බවත් ඔවුනගේ මතයක් වී ඇත.
අයි. සිරිවර්ධන
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.