ආසියාවෙහි වැඩිම හා ලස්සනම අලි ඇතුන් ගහනය වෙසෙන රටක් ලෙසටද හඳුන්වන ශ්‍රී ලංකාවට අද උරුමවී ඇති ඉරණම නම් දුක්බරය. මේ ආකාරයට දිනෙන් දිනම අලි ඇතුන් මරණයට පත්වන නිසාම අලි ඇතුන් ගහනයෙහිද අඩුවීමක් සිදුවෙමින් ඇත. ඒ අතර දළ ලබාගැනීමට ඇතැම් අවස්ථාවල ඔවුන් මරා දමනා නොමිනිසුන් ගැනද අපට අසන්නට ලැබුණි. මේ සියල්ල හමුවේ අතීතයේ සිට අලි ඇතුන් යොදාකෙරුණු දළදා පෙරහැරට පවා දැන් අලි ඇතුන් හිඟයන් පවතිනා බවද මින් පෙර ප්‍රකාශවී තිබුණි.
මෙලෙසින් වනාන්තරවලින් ගම්බිම් හෝ නගර කරා ඇදෙනා අලි ඇතුන් සමහරෙකු පින්නවල වැනි අලි අනාථාගාර හා ඇත් අතුරු සෙවණවල් කරා ගෙනයාම ද සිදුකෙරිණි. නමුත් ඒවායෙහි ද ඉඩකඩ සීමා වී තිබේ. මෙම අලි මිනිස් ගැටුමට 70 දශකයේ සිටම විවිධ විසඳුම් ගෙන ඇතත් දීර්ඝකාලීන් සාර්ථක විසඳුමක් නම් මෙතෙක් නිශ්චිතව සඳහන් කළ නොහැක. සාමාන්‍යයෙන්න් අලින්ගේ පිරිමි සතුන් ගම් වැදිම් වැඩි නමුත් ගැහැණු සතුන් මෙලෙස කුපිතවී ගම්වැදීම් සාපේක්ෂව අඩු බවද විද්වතුන් පවසති.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට ඇති විසඳුම්
ජනාවාස දෙසට ඇදෙනා අලි ඇතුන් පලවා හැර වෙනම වෙන්වූ වන භුමි වෙත ආරක්ෂිතව ගෙනයෑම්, පුනරුත්ථාපණය කිරීම් , අලි වැට, අලි වෙඩි දැල්වීම වැනි විකල්ප දැනට භාවිතා වේ. ඊට අමතරව ගම් වැට ලෙසට විදුලි වැට වර්ග 2ක් ද හඳුන්වා දී එහි නඩත්ත්වුව ගම්වැසියන් අතර බෙදා දී ඔවුන් හට මාසිකව යම් මුදල් දීමනාවක්ද ඒ සඳහා ලබා දීම ද කෙරෙයි. විශේෂයෙන්ම වනජීවීන්ගේ සහය අහිමි අවස්ථාවලදීද එය ප්‍රයෝජනවත් වේ. අලි මිනිස් ගැටුම් වලදි වැඩිපුර චෝදනා එල්ල වන තවත් පාර්ශවයකි ; වනජීවී නිලධාරීන් ඔවුන්ගේ යම් අකාර්යක්ෂමතාද මේ අලි මිනිස් ගැටුම් වලදී නිතර අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් නියං සමයන් වලදී දිය සොයා ගම් වදින අලීන් වැඩිවේ. අලි ඇතුන් ධූරියන් ගන්ධයට අකමැති නිසා එවැනි ශාක සිටුවීම ද තවත් එක් විසඳුමක් බව පැවසෙයි.
සද්ධන්තයින් බිය වද්දන මී මැසි හඬ තාක්ෂණය ලංකාවටත්, අලීන් පළවා හැරීමේ අලුත් විසඳුම.
මී මැසි නද විද්‍යුත් සංඥා ක්‍රමයක් ලෙසට යොදගනිමින් අලි- ඇතුන් දුම් රියන් හා ගැටීම වැළැක්වීමට අලුත් විසඳුමක් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හඳුන්වා දි තිබේ. ඒ අනුව අලී මංකඩවල් ආශ්‍රිතව , දුම්රිය මාර්ග අවට දුම් රිය පැමිණිමට ආසන්න කාලසීමාවන්හිදී කෘත්‍රීමව ජනනය කළ මී මැසි හඬවල් යොදා ගැනිමේ තාක්ෂණයක්ද එක්වී තිබේ. නමුත් මෙය ශ්‍රී ලංකාවට අලුත් වුවද ලෝකයේ සමහරක් රටවල වන අලීන් පලවාහැරීමට යොදාගනු ලැබූ පැරණි සාර්ථක ක්‍රමවේදයකි. මී මැසි හඬට අලීන් අකමැති බව පැවසෙයි. කෙසේ හෝ අලි මිනිස් ගැටුමට නතර කිරීමට හා අකාලයේ මියැදෙන සද්ධන්තයින්ගේ හෙට දවස වෙනුවෙන් මෙය සාර්ථක විසඳුම්ක් වුවහොත් එය ඉතා වටිනා කර්තව්‍යයකි.
අයි සිරිවර්ධන.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.