Saturday, July 14, 2018

පොඩි තෙන්ඩුල්කාර් පන්දු යවන්නෙකු වී U 19 කණ්ඩායම සමග ලංකාවට...





  අර්ජුන් තෙන්ඩුල්කාර් යනු හිටපු සුපිරි ඉන්දීය පිතිකරු පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පුත්‍රයායි. පියා ලෝක ප්‍රසිද්ධවූයේ ක්‍රිකට් ක්‍රිඩාවෙහි පිතිකරුවෙකු ලෙසට වුවත් දැන් ඔහුගේම පුතා පන්දු යවන්නෙකු ලෙසට සුපිරි දක්ෂතා පෙන්වමින් ඉන්දියාවේ 19 පහළ ක්‍රිකට් කණ්ඩායමටත් තේරී පත්වී හමාරයි. ඇත්තෙන්ම ඔහු එම සිහිනය සැබෑකරගෙන ඇත්තේ පියාගේ ප්‍රසිද්ධිය මුවාවෙන් හෝ නම විකිණීමෙන් එසේත් නැතිනම් දේශපාලන උදවු කිසිවකින් හෝ නොවෙයි. එයට ඔහු පන්දුවෙන් දැක්වූ සුපිරිගණයේ දක්ෂතා මෙන්ම මහන්සියේ ප්‍රතිපල බලපෑබව ඔහු පවසයි.  විස්සයි විස්සෙ තරඟ හා ජාත්‍යන්තර තලයේ (19 පහළ ) එක්දින තරඟ කීපයකදීද  ඔහු මින් පෙර දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු ගැන විශේෂ අවධානයක් ලොව පුරා ක්‍රිකට් විස්තර විචාරකයින් ද යොමුකර තිබුණා. පසුගිය කාලයේදී ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර පුවත්පත් රැසක හා ABC,  BBC වැනි අන්තර්ජාල මාධ්‍ය ගණනාවක අර්ජුනගේ ආගමනය ගැන සිරස්තල මවමින් කතාබහට ලක්කර තිබීමද විශේෂත්වයකි.

 මේ දිනවල ඉන්දීය 19න් පහල ක්‍රිකට් පිළ එක්දින තරඟ 5කට හා සිව් දින තරඟ 2කට සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද වාර්තා වේ. එය වමත් පන්දුයවන අර්ජුන් තෙන්ඩුල්කාර් සහභාගීවන ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියද වනු ඇත.



                      ලංකාවට පැමිණි 19 පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම












                                                            පියා සහ පුතා


Tuesday, July 3, 2018

සෙල්ෆියක ලස්සන වැඩිකරන විශ්මිත උපක්‍රම 7ක්



සෙල්ෆියක ඡායාරුවක හැඩ වැඩි කරන ඉරියව් 7ක් මෙන්න. විනාඩියක් අරන් බලන්න.

   සෙල්ෆි කලාව වර්තමානය වනවිට ඉතා ජනප්‍රියයි. සෙල්ෆි මෙන්ම එදිනෙදා තමන් ගනු ලබන බොහෝමයක් ඡායාරූප ක්ෂණයෙන් සමාජ ජාලයන්හි මිතුරන් අතර බෙදාහැරීම ද දැන් එක්තරා  විලාසිතාවක් වී හමාරයි.
 ඔබ එලෙසින් සමාජ ජාල හරහා බෙදා හරින ඡායාරුප වලට තත්පර ගණනක් අතුලත ප්‍රතිචාර ලැබෙණු ඇත. සමහරු නම් තමන් ඡායාරූප වලට අවලස්සන බව කියමින් ලැජ්ජාශීලීභාවය නිසා එලෙසින් ඡායාරූප වලට පෙනී සිටීම මඟහරින අවස්ථාද ඇත. ඔබටත් මෙවැනි ගැටලුවක් ඇති නම් හෝ ඕනෑම කෙනෙකුට අවලස්සන සඟවා ඡායාරූපයකට වඩාත් ආකර්ෂණිය ලෙසින් පෙනී සිටීමට ප්‍රයෝජනවත් සුපිරි උපක්‍රම සහිත ඉරියව් 6 ක් ගැන අද අප ඔබට ගෙනෙනවා.
1. ඡායාරූපයක් ගැනිමේදී සිරුර සෘජු ලෙසින් තබා ගන්නවාට වඩා සිරුරේ අත් හා මුහුණ පහත ඉරියව් වලින් තබා ගැනීම වඩා අලංකාරවත් වනු ඇත.

  
2. මහත අයෙකු නම් පහත උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබේ සිරුරේ විශාලත්වය අඩුකර පෙන්විය හැකියි.

* සිහින් පුද්ගලයෙකු අසල සිට ඡායාරුවක් ගැනීමේදී ඔබ ඔහුගේ හෝ ඇයගේ පැත්තකින් සිටීම නුසුදුසුය.
* සමූහ ඡායාරූපයකදී වුවද කැමරාවට වැඩිවශයෙන් ළංවී සිටීමෙන් වළකින්න. එවිට ඔබේ මහත තවත් වැඩිකර පෙන්වනු ඇත.
* සෙල්ෆි ලබාගැනිමේදී හැකිතාක් කැමරාවට දුරකින් සිට ලබාගැනීම අනෙක් උපක්‍රමයයි. එවිට මහත සැඟවීමක්  කළ හැකියි.

3. සිහින් පුද්ගලයෙකුගේ කෙසඟ බව අඩු කරන ඉරියවු.
* ඔබ අත් රහිත හෝ සිරුරට ඇලුණු ඇඳුම් ඇඳ සිටීම අවාසියක් වන අතර ඉන් ඔබේ සිහින් බව තවත් වැඩිවී පෙනෙයි.
* සම්පූර්ණයෙන්ම සිරුර කැමරාවට හසුවන ලෙසට සිටිනවාට වඩා මුහුණ හා ඇඟ යාන්තමින් මදක් පසෙකට හරවා සිටීම සුදුසුයි.
* ලා පැහැ ඇඳුම් මෙන්ම ලාපැහැ පසුබිම් ද එවැනි අයෙකුගේ ඡායාරුපයකට වඩාත් ගැලපෙනු ඇත.
ඡායාරූප ශිල්පය ගැන පොත් ගණනාවක් ලියූ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකු වූ බිල් හර්ටර් පවසන ආන්දමට සිහින් යුවතියන්ට ඡායාරූප සඳහා වඩාත් ගැලපෙනුයේ පිම්බුණු ලා පැහ බ්ලවුසයන්ය. පිරිමින් හට ද අත් දිග ලා පැහැ කමීස කෝට් සුදුසුය. 
 

4. ඔබ ඡායාරුපයක් ගැනීමේදි මතක තබාගත යුතු අනෙත් වැදගත්ම කාරණය නම් බිය ලැජ්ජාශීලීත්වය හෝ චකිතය ව මැඩගෙන හැකිතාක් සැහැල්ලු මනසකින් එයට මුහුණ දිමයි. නැතහොත් ඔබට දැනෙන පීඩනය මුහුණින් මනාව මතුව පෙනීම නිසා ඡායාරූපයේ ලස්සන එයින් බාල කරනු නිසැකයි.



5.උසින් අඩු අයෙකු ඡායාරූප වලට පෙනී සිටීමේදී උස වැඩි කර පෙන්විය හැකි උපක්‍රම.

* කිසිවිටෙකත් ඔබට වඩා උසින් බොහෝ වැඩි පුද්ගලයින් සමඟ එකට සිටගෙන ඡායාරූප ගැනීමෙන් වළකින්න. එවැනි විටෙක බිම හෝ අසුන්ගන්නා ඉරියව්වක් වඩා සුදුසුයි.

* තමන්ට වඩා බොහෝ උස භාණ්ඩ උදාහරණ තැපැල් කණුවක් වැනි අසල සිට ඡායාරූප ගැනිම ද නොගැලපේ.
     
* සිරස් ඡායාරූප වෙනුවට උසින් අඩු පුද්ගලයින් සඳහා වැඩිපුර සුදුසු වන්නේ තිරස් ඡායාරූපයි.
* ඒ වගේමයි පහත රූපය දෙස බලන්න. මේ උපක්‍රම වලට උස අඩුකර පෙන්වීමට වුවද පුලුවනි.


 

6. ඕනැම අයෙකුට ඡායාරූපයක් ඉදිරියේදී බැරෑරුම් බවක් හෝ තමන්ගේ තත්වය මවාපැමට යාමෙන් ද එහි ස්වභාවිකත්වය නැතිවීයයි. සහැල්ලුවෙන් මෙන්ම විනෝදයෙන් හැමවිටම ඡායාරුප වලට පෙනි සිටින්න. 
    
7. වැඩි දෙනෙකු සෙල්ෆි ලබාගැනීමේදී ඇහි බැමක් ඉහල යැවෙන ආකාරයේ ඉරියව් යොදාගන්නවා ඔබ දැක ඇති ඇත්තෙන්ම එයින් ඡායාරුපයේ සිත්ගන සුළු භාවයන්වය වැඩි කරවනු ඇත.
    
                                                                                                                                               
* ඇස් වලින් සිනාසීමට උත්සාහ කරන්න.
* යුවතියන්ගේ තදපැහැ තොල් ආලේපන මඟින් සිනාවට කැපී පෙනෙන බවක් එක්කරයි.
* මුහුණ මේ ආකාරයට මදක් ඇල කර ඡායාරූප ගැනීම කාන්තාවන්ට වැඩි අලංකාරයක් ලබාදෙයි.







Sunday, July 1, 2018

නිර්මාංශී ආහාර වේල මහත අඩුකරන වේගවත්ම ක්‍රමය බව තහවුරු වෙයි.

  




    නිර්මාංශි ආහාර වේල් වලට හුරු විමෙන්  මිනිසාට බොහෝ වාසි ලබාගත හැකි බවට මින් පෙරද විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරුකර තිබුණා. පිළිකා , හෘදරෝග, කොලෙස්ටරෝල් වැනි රෝග ගණනාවකින් මිදීමටත්, සිරුරේ බර පාලනය කර පවත්වාගැනීමටත් මෙවනි ආහාර වේලක් බෙහෙවින් උපකාරී වේ. එපමණක් නොව නිර්මාංශී ආහාර වේල් මඟින් ඔබේ මරණය පවා ප්‍රමාද කළ හැකි බවට තවත් තොරතුරු ගණනාවක් මෑතකදි අනාවරණය වී තිබුණා. 

    සාමාන්‍යයෙන් සත්වමය ආහාර හා සැසඳීමේදී නිර්මාංශී ආහාරවල අන්තර්ගත සන්තෘප්ත මේදය අවමයි.  බහුතරයක් දෙනා අතර ඇති මිථ්‍යා විශ්වාසයක් නම් නිර්මංශ ආහාර වේල් මඟින් ලැබෙන විටමින් ඇතුලු පෝෂක අවම බවටයි. නමුත් එය සාවද්‍ය මතයක් බව පවසන විද්‍යාඥයින් විවිධාකාර ධාන්‍ය වර්ග, පලා වර්ග, එලවලු හා පලතුරු වලින් අපට අවශ්‍ය අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ,ඛණිජ ලවන වර්ග ඇතුලු පෝෂකයන් සියල්ලම පාහේ සපයාගත හැකි අතරම අමතර වශයෙන් ලෙඩ රෝග රැසකින් වැළකීමට උපකාරීවන තන්තු ද අඩංගුවීම අමතර වාසියකි. අලුත් එළවලු හා පලතුරු වල අඩංගු ජලය ප්‍රමාණය වැඩි නිසාම එහි අඩංගු කැලරි ප්‍රමාණයද අඩුය.
 


                                                                                                                           
  2016 වසරේදී මාංශ ආහාරයට ගන්නා හා නිර්මාංශී මළල ක්‍රීඩකයින් ඇසුරින් සිදුකරන ලද පරීක්ෂණයකින් ද තහවුරු වී තිබුණේ මේ දෙපාර්ශවයේම ශාරීරික යෝග්‍යතා හෝ ශරීර ශක්තීන් වල වේනසක් නොමැති බවයි. විශේෂයෙන්ම නිර්මාංශී ක්‍රීඩකයින්ගේ සවායු ධාරිතා aerobic capacity මාංශ අනුභව කරන ක්‍රීඩකයින්ට වඩා වැඩි බවත් එහිදී වැඩිදුරත් අනාවරණය වී තිබේ.

  මේ කරුණු සියල්ල කෙරෙහිම අවධානය යොමු කිරීමේදී ඔබත් නිර්මාංශී ආහාර වේලකට මාරු වුවහොත් සිරුරේ හැඩය බර  නිසියාකාරව පවත්වාගැනීමට හැකියාව ලැබෙනා අතරම නිරෝගීකම වැඩි කරගෙන ඔබේ මරණයද පමාකර ගැනීමට එය ඉවහල් වනු නිසැක බව නිගමනය විය











වැඩිමල් දරුවන් බුද්ධිමත්භාවයෙන් ඉහළ බව මෑතකාලීන පරීක්ෂණවලින් තහවුරු වෙයි...!!



මේ කතාව ඇත්තක්ද බලන්න....


   මේ කතාවට නම් සමහරු එකඟ නොවේවි. ඔබ පවුලේ බාල දරුවකු නම් ටිකක් ඊර්ෂ්‍යාවකුත් එයි මේ ගැන. හැබැයි මේ කියමන හූස්ටන් විශ්ව විද්‍යාලය, නිව් සවුත් වෙල්ස් හා ශිෆීල්ඩ් සරසවි වල විද්වතුන් පිරිසක් විසින් මෑතකදි සිදුකළ පරීක්ෂණයකින් සාක්ෂීන් සමඟම ඔප්පුකර තිබෙනවා. ඒ අනුව සරලව කිවහොත් දෙමාපියන්ට දාව දරුවන් උපදින අනුපිළිවෙලට අනුව ඔවුන්ගේ බුද්ධි මට්ටම් වල යම් වෙනසක් ඇති වන බව ඔවු පැවසූණා. ඒ  අනුව ඇත්තටම ඔබට වැඩ්මල් සහෝදරයින් කීපදෙනෙකුම සිටීනම්, ඔබේ ඥාණ ශක්තිය ඔවුනට වඩා අඩුවිය හැකියි. සමහරවිට අතීතයේදී අපේ සීයලා ආච්චිලා පවුලේ බාල දරුවන්ට "බඩ පිස්සා" යැයි කියන්නට ඇත්තේ මේ ගැන ඔවුනටද කිසියම් වූ අවබෝධයක් තිබූ නිසා වෙන්නත් පුළුවනි.

 


  මෙහිදී පරීක්ෂකයින් තවදුරටත් විස්තරාත්මකව අනාවරණය කර තිබුණේ පවුලක වැඩිමල් දරුවාට හෝ සහෝදරයාට සිය බුද්ධිමට්ටම හා හැකියාවන් ගැන බාල සහෝදරයන්ට වඩා වැඩි විශ්වාසයක් ද පවතින බවයි. එනිසා ඔවුන් ආත්මශක්තිය අතින් ද සිටින්නේ සාපේක්ෂව ඉහළිනි. විවිධ වූ විෂයන් පරාසයන් හා සම්බන්ධවූ බුද්ධි මට්ටම් මෙහිදී පරීක්ෂණයට භාජනය කර ඇතත් ගණිතය විෂය පමණක් බැහැර කර තිබුණි. එයට හේතුවූයේ කියවිම හෝ රූපක හෝ යමක් හඳුනාගැනීමේ අවබෝධකර ගැනිමබොහෝවිට දරුවා මුලින්ම ඉගෙනගනුයේ නිවසේදී වීම නිසා එය පරීක්ෂාවට ලක්කිරීම වඩා පහසු වීමයි. සාමාන්‍යයෙන් ගණිතය විෂයේ හැකියාවන් ගැන දැනුම නියමාකාරවම පරීක්ෂාවට ඉඩ ලැබෙනුයේ පන්තිකාමරය තුළදී විමයි.

මේ විදියට කුඩා දරුවන් 5000කටත් වඩා පිරිසක් පරීක්ෂණයට සහභාගිකරගෙන ළදරු අවධියේ සිට වයස අවුරුදු 14 දක්වාම සැම අවුරුදු 2කට වරක්ම වැඩිමහල් හා බාල දරුවන් සිටින පවුල් වලින් ඔවුන්ගේ බුද්ධිමට්ටම් පරීක්ෂණ සටහන් ගැන දත්ත ලබාගෙන තිබුණා. එහිදී කුඩාම දරුවන්ගේ කියවීමේ හා පින්තූර හඳුනාගැනීම් හැකියාවන් ආදිය විශේෂයෙන්ම පරීක්ෂාවට කෙරුණා. ඒ විදියට ලබගත් දත්ත විශ්ලේෂණය කිරීමේදී විශේෂයෙන්ම පාසැල් යාමට පෙර අවධිවලදී සමාන වයස් වලදී වැඩිමහල් දරුවන්ට සාපේක්ෂව බාල දරුවන්ගේ බුද්ධිමය හැකියාවන් ඉතා අඩු බවක් ද දක්නට ලැබුණා. 

 
   
   පරීක්ෂකයින් විස්තර කළ ආකාරයට පවුලක දරුවන් කීපදෙනෙකු සිටීමේදී දෙමාපියන්ගේ අවධානය අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් කටයුතු සම්බනධයෙන් විශේෂයෙන්ම යොමුවන්නේ වැඩිමහලු දරුවා වෙතට වීම යම් ආකාරයකට මේ කාරණාව කෙරෙහි බලපැමක් අතිකරන බව සඳහන් වුණා. නමුත් බාල දරුවන්ගේ සෞඛ්‍යය තත්වය හෝ සමස්ත වර්ධනයන් කෙරෙහි මේ තත්වය සැලකිය යුතු අන්දමට වැඩි බලපෑමක් ඇති නොකරනවා ඇති. පළමු දරුවාගේ මොළෙහි වර්ධනය වීමක් සිදුවීමට බලපාන අනෙක් කාරණාව නම් මුල් අවධියේදී ඔහුට හෝ ඇයට ලැබෙන මානසික උත්තේජනයන් ද සාපේක්ෂව වැඩි වීමයි.

  මෙහිදී පොදුවේ මවගේ ගර්භණීසමයේදී මව විසින් ගන්න ලද පෝෂණය මෙන්ම මත්පැන් පානය වැනි පුරුදුද , මත් ද්‍රව්‍ය ලබාගැනීමෙන් පසු මවුකිරි දීමද ළමයින්ගේ මානසික වර්ධනය කෙරෙහි බලපැමක් ඇතිකිරීමට සමත් බව ද සඳහන් කර තිබුණි. පවුලක දරුවන් කීපදෙනෙකුම සිටිනා විට එයද මෙවැනි තත්වයක් ඇතිවිම කෙරෙහි බලපෑ මක් කරයි. එවැනි විටක දෙමාපියන්ට පැවරෙන වගකීම් හා පීඩනයන් ද වැඩි බැවින් පාසල් යන වයසේ සිටින හෝ වැඩිමල් දරුවන් කෙරෙහි නිතැතින්ම කුඩා ලදරු දරුවන්ට වඩා වැඩි අවධානයක් යොමු වන්නට පුළුවන්. මේ සියලු කාරණවන් හමුවේ පවුලක බාල දරුවාට වඩා වැඩිමල් දරුවන් බුද්ධි මට්ටමින් හා මොළයෙහි වර්ධ නයෙන් වැඩි බව සනාථ විය.