Sunday, July 1, 2018

පියාඹන වේගයෙන් යන රුපියල් ලක්ෂ 2ටත් වැඩි අලුත් පාපැදිය






    
විදුලි කාර් රථයක බැටරියක් හා යතුරු පැදියක චේන් එකතුවූ අපූරු නව පාපැදිය (2018)

 “Gtech e- Bike” යනු 21 වැනි සියවසට ඉතාම උචිත අයුරින් සාදන ලද අලුත්ම රැල්ලෙහි අපූරු පාපැදියකි . එය පෙනුමෙන් සාමාන්‍ය  හා මදක් සමාන් වුවත් අලුත් සුපිරි පහසුකම් කීපයකින්ම අනූනයි. ඇත්තටම මෙය නම් කර ඇත්තේ ගම්බදව ප්‍රදේශවලට වඩාත් ඔබින පාපැදියක් ලෙසටයි. මෙහි විශේෂත්වය තමයි සාමාන්‍ය පපැදියක මෙන් පෑගීමෙන් මෙන්ම අවශ්‍ය විටෙක කුඩා පරිගණක උපාංගයක්  කුඩා කම්බි පරිපථයක් හා සම්බන්වූ බැටරියේ බලයෙන්ද එය ධාවනය කිරීමට හැකියාව තිබීමයි. නමුත් මෙහි වේගය හා බලසම්පන්න භාවය අතින් සාමාන්‍ය පාපැදියට වඩා ගොඩක් ඉදිරියෙන් සිටින්නේ. 







   සිතන්න ඔබට ව්‍යායාම සඳහා බයිසිකලය පැදීමට අවශ්‍ය නම් ඒ ආකරයට දහඩිය දමන කය වෙහෙසා එය පැදීම කළ හැකි අතරම ඔබට හදිසි දුර ගමනක් වැඩි වෙහෙසක් හෝ දහඩිය ප්‍රශ්න වලින් තොරව ඉතා තීව්‍ර වේගයකින් යැමේ පහසුකමත් අවස්ථානුකූලව මේ අලුත් ඊ බයිසිකලයෙන් සලස්වාගන්නත් පුළුවන්. ඔබ එහි පරිගනක සම්බන්ධ කොටස ද ක්‍රියාත්මක කර පැඩලයද පාගා වේගයෙන් යන විටෙක පැයට සැතපුම් 15ක දුරකට ළඟාවීමේදී සාමාන්‍යයෙන් ස්වයංක්‍රීයව නතරවීමක් වන අතර වේගය අඩුකළ විට පමණක් නැවතත් එය ධාවනය වෙයි. ඒ අනුව මෙම පාපැදිය ආරක්ෂාව අතින්ද ඉහළ බව කියැවේනවා. නමුත්  බැටරියෙහි ආරෝපණය තිබෙනුයේ සැතපුම් 30ක උපරිම දුරක් දක්වා පමණයි.




    මෙම පාපැදිය මාදිලි 2කින් මිලට ගත හැකියි. ‘Sport Model’මෙය ක්‍රීඩකයින් හා ජවසම්පන්න තරුණයින් සඳහා වඩාත් ගැලපෙයි. එසේම එය ධාවනයට වැඩි වෙහෙසක් දැරිය යුතු නිසා එහි සුවපහසුව අඩුය. අනෙක් මාදිලිය වූ  ‘City Version’ හි සුවපහසු මෙන්ම මහන්සිය අවම වන ආකාරයට ආසන ආදිය සකසා ඇත. වැඩිමහළු පුද්ගලයින්හට වුවද එය ගැලපේ.  මෙහි ඇති තවත් වාසියක් වන්නේ කඳු ශිකර හෝ ඕනැම මාර්ගයක ධාවනය කිරීමේ සුපිරි හැකියාවකින් සමන්විතවීමයි. එංගලන්තයේ නිෂ්පාදනයක් වූ මෙය දැනට පවුම් 1200 පමණ (රු252,000 ) වූ මිල ගණනකට මෙවැනි බයිසිකලයක් මිලට ගත හැකියි. නමුත් එයින් ඔබට කිසිම පාඩුවක් සිදුවන්නේ නැහැ. මේ අපූරු බයිසිකලයෙහි මෝටර් බයිසිකල් වල භාවිතවන සුපිරි තත්වයේ චෙන් එකක් හා විදුලි මෝටර් රථවලට භාවිතා කරන වර්හ්ගයේ සුපිරි බැටරියක්ද තිබෙනවා. ඇත්තටම ඔබ පළමුවරට මෙම පාපැදිය පැදීමේදී කිසියම් අමුත්තක් දැනිය හැකි වුවත් එහි බලසම්පන්න යාන්ත්‍රණය හා සැකැස්ම මඟින් පාදයන් හටද අමුතු ජවයක් ද සපයාවි. එයින් ඔබේ ගමන ඉක්මන් හා වේගවත් කරවනු ඇත.












 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.