Sunday, July 1, 2018

නිර්මාංශී ආහාර වේල මහත අඩුකරන වේගවත්ම ක්‍රමය බව තහවුරු වෙයි.

  




    නිර්මාංශි ආහාර වේල් වලට හුරු විමෙන්  මිනිසාට බොහෝ වාසි ලබාගත හැකි බවට මින් පෙරද විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරුකර තිබුණා. පිළිකා , හෘදරෝග, කොලෙස්ටරෝල් වැනි රෝග ගණනාවකින් මිදීමටත්, සිරුරේ බර පාලනය කර පවත්වාගැනීමටත් මෙවනි ආහාර වේලක් බෙහෙවින් උපකාරී වේ. එපමණක් නොව නිර්මාංශී ආහාර වේල් මඟින් ඔබේ මරණය පවා ප්‍රමාද කළ හැකි බවට තවත් තොරතුරු ගණනාවක් මෑතකදි අනාවරණය වී තිබුණා. 

    සාමාන්‍යයෙන් සත්වමය ආහාර හා සැසඳීමේදී නිර්මාංශී ආහාරවල අන්තර්ගත සන්තෘප්ත මේදය අවමයි.  බහුතරයක් දෙනා අතර ඇති මිථ්‍යා විශ්වාසයක් නම් නිර්මංශ ආහාර වේල් මඟින් ලැබෙන විටමින් ඇතුලු පෝෂක අවම බවටයි. නමුත් එය සාවද්‍ය මතයක් බව පවසන විද්‍යාඥයින් විවිධාකාර ධාන්‍ය වර්ග, පලා වර්ග, එලවලු හා පලතුරු වලින් අපට අවශ්‍ය අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ,ඛණිජ ලවන වර්ග ඇතුලු පෝෂකයන් සියල්ලම පාහේ සපයාගත හැකි අතරම අමතර වශයෙන් ලෙඩ රෝග රැසකින් වැළකීමට උපකාරීවන තන්තු ද අඩංගුවීම අමතර වාසියකි. අලුත් එළවලු හා පලතුරු වල අඩංගු ජලය ප්‍රමාණය වැඩි නිසාම එහි අඩංගු කැලරි ප්‍රමාණයද අඩුය.
 


                                                                                                                           
  2016 වසරේදී මාංශ ආහාරයට ගන්නා හා නිර්මාංශී මළල ක්‍රීඩකයින් ඇසුරින් සිදුකරන ලද පරීක්ෂණයකින් ද තහවුරු වී තිබුණේ මේ දෙපාර්ශවයේම ශාරීරික යෝග්‍යතා හෝ ශරීර ශක්තීන් වල වේනසක් නොමැති බවයි. විශේෂයෙන්ම නිර්මාංශී ක්‍රීඩකයින්ගේ සවායු ධාරිතා aerobic capacity මාංශ අනුභව කරන ක්‍රීඩකයින්ට වඩා වැඩි බවත් එහිදී වැඩිදුරත් අනාවරණය වී තිබේ.

  මේ කරුණු සියල්ල කෙරෙහිම අවධානය යොමු කිරීමේදී ඔබත් නිර්මාංශී ආහාර වේලකට මාරු වුවහොත් සිරුරේ හැඩය බර  නිසියාකාරව පවත්වාගැනීමට හැකියාව ලැබෙනා අතරම නිරෝගීකම වැඩි කරගෙන ඔබේ මරණයද පමාකර ගැනීමට එය ඉවහල් වනු නිසැක බව නිගමනය විය











No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.