Saturday, July 14, 2018
පොඩි තෙන්ඩුල්කාර් පන්දු යවන්නෙකු වී U 19 කණ්ඩායම සමග ලංකාවට...
අර්ජුන් තෙන්ඩුල්කාර් යනු හිටපු සුපිරි ඉන්දීය පිතිකරු පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පුත්‍රයායි. පියා ලෝක ප්‍රසිද්ධවූයේ ක්‍රිකට් ක්‍රිඩාවෙහි පිතිකරුවෙකු ලෙසට වුවත් දැන් ඔහුගේම පුතා පන්දු යවන්නෙකු ලෙසට සුපිරි දක්ෂතා පෙන්වමින් ඉන්දියාවේ 19 පහළ ක්‍රිකට් කණ්ඩායමටත් තේරී පත්වී හමාරයි. ඇත්තෙන්ම ඔහු එම සිහිනය සැබෑකරගෙන ඇත්තේ පියාගේ ප්‍රසිද්ධිය මුවාවෙන් හෝ නම විකිණීමෙන් එසේත් නැතිනම් දේශපාලන උදවු කිසිවකින් හෝ නොවෙයි. එයට ඔහු පන්දුවෙන් දැක්වූ සුපිරිගණයේ දක්ෂතා මෙන්ම මහන්සියේ ප්‍රතිපල බලපෑබව ඔහු පවසයි. විස්සයි විස්සෙ තරඟ හා ජාත්‍යන්තර තලයේ (19 පහළ ) එක්දින තරඟ කීපයකදීද ඔහු මින් පෙර දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු ගැන විශේෂ අවධානයක් ලොව පුරා ක්‍රිකට් විස්තර විචාරකයින් ද යොමුකර තිබුණා. පසුගිය කාලයේදී ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර පුවත්පත් රැසක හා ABC, BBC වැනි අන්තර්ජාල මාධ්‍ය ගණනාවක අර්ජුනගේ ආගමනය ගැන සිරස්තල මවමින් කතාබහට ලක්කර තිබීමද විශේෂත්වයකි.
මේ දිනවල ඉන්දීය 19න් පහල ක්‍රිකට් පිළ එක්දින තරඟ 5කට හා සිව් දින තරඟ 2කට සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද වාර්තා වේ. එය වමත් පන්දුයවන අර්ජුන් තෙන්ඩුල්කාර් සහභාගීවන ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියද වනු ඇත.
ලංකාවට පැමිණි 19 පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම
පියා සහ පුතා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.