මේ කතාව
ඇත්තක්ද බලන්න....
මේ කතාවට නම් සමහරු එකඟ නොවේවි. ඔබ පවුලේ බාල දරුවකු නම් ටිකක් ඊර්ෂ්‍යාවකුත් එයි මේ ගැන. හැබැයි මේ කියමන හූස්ටන් විශ්ව විද්‍යාලය, නිව් සවුත් වෙල්ස් හා ශිෆීල්ඩ් සරසවි වල විද්වතුන් පිරිසක් විසින් මෑතකදි සිදුකළ පරීක්ෂණයකින් සාක්ෂීන් සමඟම ඔප්පුකර තිබෙනවා. ඒ අනුව සරලව කිවහොත් දෙමාපියන්ට දාව දරුවන් උපදින අනුපිළිවෙලට අනුව ඔවුන්ගේ බුද්ධි මට්ටම් වල යම් වෙනසක් ඇති වන බව ඔවු පැවසූණා. ඒ අනුව ඇත්තටම ඔබට වැඩ්මල් සහෝදරයින් කීපදෙනෙකුම සිටීනම්, ඔබේ ඥාණ ශක්තිය ඔවුනට වඩා අඩුවිය හැකියි. සමහරවිට අතීතයේදී අපේ සීයලා ආච්චිලා පවුලේ බාල දරුවන්ට "බඩ පිස්සා" යැයි කියන්නට ඇත්තේ මේ ගැන ඔවුනටද කිසියම් වූ අවබෝධයක් තිබූ නිසා වෙන්නත් පුළුවනි.
මෙහිදී පරීක්ෂකයින් තවදුරටත් විස්තරාත්මකව
අනාවරණය කර තිබුණේ පවුලක වැඩිමල් දරුවාට හෝ සහෝදරයාට සිය බුද්ධිමට්ටම හා හැකියාවන්
ගැන බාල සහෝදරයන්ට වඩා වැඩි විශ්වාසයක් ද පවතින බවයි. එනිසා ඔවුන් ආත්මශක්තිය
අතින් ද සිටින්නේ සාපේක්ෂව ඉහළිනි. විවිධ වූ විෂයන් පරාසයන් හා සම්බන්ධවූ බුද්ධි
මට්ටම් මෙහිදී
පරීක්ෂණයට භාජනය කර ඇතත් ගණිතය විෂය පමණක් බැහැර කර තිබුණි. එයට හේතුවූයේ කියවිම
හෝ රූපක හෝ යමක් හඳුනාගැනීමේ අවබෝධකර ගැනිමබොහෝවිට දරුවා මුලින්ම ඉගෙනගනුයේ
නිවසේදී වීම නිසා එය පරීක්ෂාවට ලක්කිරීම වඩා පහසු වීමයි. සාමාන්‍යයෙන්
ගණිතය විෂයේ හැකියාවන් ගැන දැනුම නියමාකාරවම පරීක්ෂාවට ඉඩ ලැබෙනුයේ පන්තිකාමරය
තුළදී විමයි.
මේ විදියට
කුඩා දරුවන් 5000කටත් වඩා
පිරිසක් පරීක්ෂණයට සහභාගිකරගෙන ළදරු අවධියේ සිට වයස අවුරුදු 14 දක්වාම සැම අවුරුදු 2කට වරක්ම වැඩිමහල් හා
බාල දරුවන් සිටින පවුල් වලින් ඔවුන්ගේ බුද්ධිමට්ටම් පරීක්ෂණ සටහන් ගැන දත්ත ලබාගෙන
තිබුණා. එහිදී කුඩාම දරුවන්ගේ
කියවීමේ හා පින්තූර හඳුනාගැනීම් හැකියාවන් ආදිය විශේෂයෙන්ම පරීක්ෂාවට කෙරුණා. ඒ
විදියට ලබගත් දත්ත විශ්ලේෂණය කිරීමේදී විශේෂයෙන්ම පාසැල් යාමට පෙර අවධිවලදී
සමාන වයස් වලදී
වැඩිමහල් දරුවන්ට
සාපේක්ෂව බාල දරුවන්ගේ බුද්ධිමය හැකියාවන් ඉතා අඩු බවක් ද දක්නට ලැබුණා.
පරීක්ෂකයින් විස්තර කළ ආකාරයට පවුලක දරුවන් කීපදෙනෙකු සිටීමේදී දෙමාපියන්ගේ අවධානය අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් කටයුතු සම්බනධයෙන් විශේෂයෙන්ම යොමුවන්නේ වැඩිමහලු දරුවා වෙතට වීම යම් ආකාරයකට මේ කාරණාව කෙරෙහි බලපැමක් අතිකරන බව සඳහන් වුණා. නමුත් බාල දරුවන්ගේ සෞඛ්‍යය තත්වය හෝ සමස්ත වර්ධනයන් කෙරෙහි මේ තත්වය සැලකිය යුතු අන්දමට වැඩි බලපෑමක් ඇති නොකරනවා ඇති. පළමු දරුවාගේ මොළෙහි වර්ධනය වීමක් සිදුවීමට බලපාන අනෙක් කාරණාව නම් මුල් අවධියේදී ඔහුට හෝ ඇයට ලැබෙන මානසික උත්තේජනයන් ද සාපේක්ෂව වැඩි වීමයි.
මෙහිදී පොදුවේ
මවගේ ගර්භණීසමයේදී මව විසින් ගන්න ලද පෝෂණය මෙන්ම මත්පැන් පානය වැනි පුරුදුද ,
මත් ද්‍රව්‍ය
ලබාගැනීමෙන් පසු මවුකිරි දීමද ළමයින්ගේ මානසික වර්ධනය කෙරෙහි බලපැමක් ඇතිකිරීමට
සමත් බව ද සඳහන් කර තිබුණි. පවුලක දරුවන් කීපදෙනෙකුම සිටිනා විට එයද මෙවැනි
තත්වයක් ඇතිවිම කෙරෙහි බලපෑ මක් කරයි. එවැනි විටක
දෙමාපියන්ට පැවරෙන වගකීම් හා පීඩනයන් ද වැඩි බැවින් පාසල් යන වයසේ සිටින හෝ
වැඩිමල් දරුවන් කෙරෙහි නිතැතින්ම කුඩා ලදරු දරුවන්ට වඩා වැඩි අවධානයක් යොමු වන්නට
පුළුවන්. මේ සියලු
කාරණවන් හමුවේ පවුලක බාල දරුවාට වඩා වැඩිමල් දරුවන් බුද්ධි මට්ටමින් හා මොළයෙහි
වර්ධ නයෙන් වැඩි බව සනාථ විය.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.